අකුරේගොඩ ඝාතනයේ දෙවැනි වෙඩික්කරුට නවාතැන් දුන් ගෙහිමියා අත්අඩංගුවට
අකුරේගොඩදී නීතීඥවරයෙකු වූ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට දෙවෙනි වෙඩික්කරු ලෙස කටයුතු කර කළ අයට නවාතැන් පහසුකම් දුන් ගෙහිමියා (26) වෙනිදා බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ හංදිය ආසන්න ඔහුගේ නිවසකදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පොලිස් වසමේ නක්කල මැදිරිය ප්‍රදේශයේ පදිංචි කලක් උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කළ ටී.ඒ.එම් ප්‍රසාද් ධර්මප්‍රිය (51) නැමති අයෙකි. නක්කල ටැංවත්ත ප්‍රදේශයේ මොහුගේ නිවසේ රැඳී සිටි නීතිඥවරයා සහ බිරිඳ ඝාතනයේ දෙවන සැකකරු 25 වෙනිදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරු මි.මි 09 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබූ බවට සැකකරන අතර ඔහු ඉමදූව ප්‍රදේශයේ පදිංචි මනෝජ් උදයංග නමැති අයෙකි.ඔහුට නවාතැන්දී තිබුණේ උපකාරක පන්ති ගුරුවරයෙක් ලෙස කලක් කටයුතු කළ ඉහත පුද්ගලයායි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් නිවස කුලියට දුන් ගෙහිමියා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ දකුණ පොලිස් අපරාධ අංශයට භාරදී ඇත. මොනරාගල නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතාගේ උපදෙස් පිට මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.ඩී වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මොනරාගල මූලස්ථාන ප්‍ර.පො.ප ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
