අකුරණ 144ක් පූනානි නීරෝධායන මධ්‍යස්ථානයට යොමු කරති
අකුරණ ප්‍රදේශයෙන් හමු නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ වවිධ ආකාරයෙන් සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 144 දෙනෙකු අද (05) වනදා අලුයම පූනානි නීරෝධායක මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
අකුරණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පොලීසිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශවල සහාය ඇතිව මෙම පිරිස් නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ තිබේ.
මෙම නීරෝධායනයට යොමු කළ පිරිස් අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් කිහිපයකම පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.
මෙම ප්‍රදේශයෙන් මේ වන විට වෛරසය ආසාදිත රෝගීන් හය දෙනෙකුම හමු වී ඇති බැවින් දැඩි අවදානම් තත්ත්වයක් බවත් ප්‍රදේශයේ ජනතාව මොවුන් සමඟ කුමන හෝ ආකාරයක සබඳතා පැවැත්වූ පුද්ගලයින් වෙත් නම් දන්වන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මොහොමඩ් ආසික්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
