ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි මාතලේ - අඹන්ගගකෝළේ ප්‍රාදේශිය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට සභාපති එන්.යෝගරාජ් මහතා (ශ්‍රී ලං පො ජ පෙ) විසින් පියවර ගෙන තිබේ
ඒ පෙරේදා දින (08) එම සභා වර්ථාවේ zගZ සහ zඑZ යන අකුරු වැරදීමෙන් මුද්‍රණය වී ඇති බැවින් එයට මහජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිසේන බණ්ඩාර විසින් සිදුක විරෝධතාවයක් හේතුවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු සභාපති එන්.යෝගරාජ් මහතා කියා සිටියේ සෑම මසකම මහ සභාව රැස්වීමට පෙර දින හතරකට කලින් පැවති සභා වාර්තාව මන්ත්‍රිවරුන්ට යොමු කරන බවයි.
පසුගිය සභා වාර්තාවේ මන්ත්‍රිවරයෙකු සිදුකල කතාවක් වැරදි ආකාරයෙන් සටහන් වු බව පවසමින් මන්ත්‍රිවරු පිරිසක් විරෝදය පා සභාවෙන් පිටව යෑම පදනම් කර ගනිමින් තමන් විසින් දින නියමයක් නොමැතිව සභාව කල් තැබු බව ද සභාපති වරයා වැඩිදුරටත් සඳහන් කලේය.
සභා වර්තාව මුද්‍රණය කිරිම සිදුකිරිමේ දී සිදුව ඇති වරද හිතා මතාම සිදුවු වරදක් නොවන අවධාරණය කල සභාපතිවරයා කියා සිටියේ මෙවැනි සුළු වැරදි සිදුවීම් මානූෂිය තත්ත්වයක් බවයි.
කෙසේ නමුත් ඇති වී ඇති ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු මහජන එක්සත් පෙරමුණු නියෝජිත හිටපු උප සාභාපති හා අඹන්ගග කෝරළේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සිරිසේන බණ්ඩාර කුඹල්ඔලුව මහතා සඳහන් කරනුයේ ‘පසුගිය පෙබරවාරි මස පැවැත්වු ප්‍රාදේශිය සභා වාර්තාවේ 13 වන පිටුවේ හා 19 වැනි පිටුවේ වැරදි පෙන්වා දුන් බවත් එහෙත් සභා වාර්තාව සම්මත නොවුණු හේතුවෙන් සභාපතිවරයා විසින් සභාව දින නියමයක් නොමැතිව කල් තැබූ බවයි.
එමෙන්ම තමන් යෝජනා කලේ පවත්නා අර්බුධකාරි තත්ත්වයට හේතුව ඇතැම් රාජ්‍ය නිලධාරින් බවත් එම රාජ්‍ය නිලධාරින්ට යට වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතනින් ගලවා ගලවා ගැනීම බවත් ‘එය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එලවාගන්න ඕනේ ‘ කියලා සටහන් කර ඇති බවයි.
තමන් ජනාධිපතිවරයාගේ පාර්ශවයේ මිනිසුන් බවත් රාජ්‍ය නිලධාරින්ට අවශ්‍ය පරිදි වැඩ කල නොහකි බැවින් මෙය බරපතල තත්ත්වයක් හේතුවෙන් මෙම සභා වාර්තාවට තමන් විරුද්ධ වූ බවත් ඔහු සඳහන් කරයි.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)