තලවකැලේ ප්‍රදේශයට (03) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නිවසකට අකුණු සැරවැදීමෙන් නිවසේ ඉදි කිරිම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු (03) දින පස්වරුවේ ජීවිතක්ෂයට පත් වී ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.
මෙසේ අකුණුසැර පතිත විමෙන් මිය ගොස් ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් ෆාමස්ටන් වත්තේ පහළ කොටසේ පදිංචි සුභ්‍රමණියම් දේවකුමාර් නැමති 50 හැවිරිදි අයෙකි.
මරණකරු තවත් තිදෙනෙකු සමග නිවසේ ඉදිකිරිම් කටයුත්තක් සිදු කරමින් සිටින අවස්ථාවේ පැවති වර්ෂාවත් සමග පස්වරු 4:30ට පමණ නිවසට අකුණු සැර පතිත වී ඇත.
අකුණුසැර පතිත විමේන් අන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති වූවත්, නිවසටද අලාභ හානි සිදු වී ඇති බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය පවසයි.
අකුණු සැර වැදී මියගිය පුද්ගලයාගේ සිරුර පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඒළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.