අකුණුසැර වැදි ඇඟළුම් සේවිකාවක් මරුට
අකුණුසැර වැදිමෙන් අද (03) අළුයම කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවය කරණු ලබන ඇගලුම් සේවිකාවක් මියගොස් තවත් ඇගලුම් සේවිකාවක් බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
මෙකි ඇගලුම් සේවිකාවන් දෙදෙනා , නො72/ඒ කොක්වත්ත, හබරාදුව ප්ර දේශයේ නිවසක නේවාසිකව රැදි සිට ඇත. අද (03) අළුයම 12.30ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් මෙම නිවසට අකුණු පහරක් වැදි ඇත. අකුණු සැරවැදිමත් සමග 1990 ගිලන් රථ සේවාවකට අයත් ගිලන් රථයකින් මෙම ඇගලුම් සේවිකාවන් දෙදෙනා රෝහල්ගතකොට ඇත. එක් ඇගලුම් සේවිකාවක් රෝහල්ගත කරණ විටත් මියගොස් සිටි අතර අනික් ඇගලුම් සේවිකාව පිළිස්සුම් තුවාල ලබා තිබු අතර ඇය කරාපිටිය ජාතික රෝහලේ හදිසි ප්රථිකාර අංශයට ඇතුළත්කොට ඇත.
අකුණු සැරවැදිමෙන් මියගොස් ඇත්තේ ඉමාෂා මධුභාෂිනි හිතවංශ (26) නැමති ඇගලුම් සේවිකාවකි. තුවාල ලබා ඇත්තේ ජි.ඒ පියුම් නැමති (25) තැනැත්තියකි. මියගිය ඇගලුම් සේවිකාවගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (03) ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබුණි. හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
