ගෝනගංආර පොලීසිය යුද හමුදාවේ සහය ඇතිව යාල වනෝද්‍යානයේ කලාප (vi) ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරා නිරීක්ෂණයකින් සිදුකළ වැටලීමකදී අක්කර එකහමාරක පමණ භූමියක වගාකර තිබූ ගංජාහේනක් සොයාගෙන ඇත.
ගංජාහේනේ අයිතිකරුවන් පළාගොස් ඇති අතර එහි තිබූ ගංජා පැළ එක්ලක්ෂ පනස්දහසක් පමණ කපාකොටා පුළුස්සා විනාශකිරීමට පොලිස් නිලධාරීන් කටයුතුකර තිබේ.විනාශකරන ලද ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ 25 පමණ වේ.
ගෝනගංආර පොලිස් ස්ථානාධිපති ඒ.එල්.ඩී සතිෂ් කුමාර මහතා සමඟ පොලිස් සැරයන්වරුන් වන 54164 විතාරණ,41876 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 34983 ජයන්ත යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක 

