අක්කර භාගයක මිරිස් වගාවක් සිදුකළ අනුරාධපුර ගොවි මහතෙක් එයින් රුපියල් ලක්ෂ 70ක ආදායමක් ලබා වාර්තාවක් පිහිටුවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System)භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම, පුලියන්කුළම පදිංචි එච්. එම්. ඒ. පීරිස් ගොවි මහතා මෙම ආදායම් වාර්තාව තබා ඇත.
මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබූ බව අමාත්‍යාංශය කියයි.