හඳුනා ගැනීමේ අංක තහඩු හා ලියා පදිංචිය තහවුරු කරගත නොහැකි අධිබලැති ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සොයා ගැනීමට අනුරාධපුර පොලීසිය(13) ඊයේ සමත් ව ඇතැයි පොලිසිය පවසයි.
අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ වෙළඳ සැලක් පිටුපස සූක්ෂම ලෙස සඟවා තිබියදී යතුරුපදි අත්අඩංගුවට ගෙන ඇති අතර එහි හිමිකාරත්වය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට අදාළ සැක සහිතව අදාල වෙළඳපොලේ හිමිකරු. අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදි අධිකරණයට ඉදිරිපත් කර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සහ ශ්රී ලංකා රේගුවේ වාර්තාවක් කැඳවීමට නියමිත බව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන්වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරනු ලබයි.
ගලෙන්බිදුණුවැව - චින්තක ක්රීෂාන්ත බාලසුරිය
