ජනපති, අගැමැති, විපක්ෂනායක හා ඇමතිවරුන් භාවිත කරන්නේ ලෝකයේ මිල අධිකම නවීන වාහන බවත් එම වාහන පිටරටට විකුණා ඩොලර් උපයා ගැනීමට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹදී ඊයේ පැවැති සඟ සමුළුව අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අපිට අද අලුත් දේශපාලනයක් ඕන. මේ මහජනතාවගේ ධනය ප්‍ර කෝටි ගණන් නාස්ති කරන දේශපාලනය වෙනුවනට අපේ බුදුරාජාණන් වහන්සේ දේශනා කර තිබෙන සරළ දිවි පැවැත්මක් සඳහා දේශපාලනයක්.
අද ඩොලර් නෑ. මම ඔබ වහන්සේලාට එක සහතිකයක් දෙනවා අපිට භාර දෙන්න ආණ්ඩුවක්, අපි හදමු ආණ්ඩුවක්, ඔය ජනපතිවරයා භාවිත කරන වාහන අඩුම ගාණේ ඩොලර් මිලියන 2 පනිනනවා. ඒ වාහන කොච්චර තියෙනවද? අගමැතිවරයා ගාව, විපක්ෂනායකවරයා ගාව, අමාත්‍යවරු ගාව, අඩුම ගානේ ඩොලර් මිලියනය ඉක්මවන වාහන විශාල ගණනක් තියෙනවා.අපි මේ වාහන සියල්ල ලංකාවෙන් එළියට විකුණලා ලංකාවට ඩොලර් ගේන සැලසුම හදනවා.
මෙවැනි දුප්පත් රටකට, කිරිපිටි ගේන්න බැරි රටකට, තෙල් ගේන්න බැරි රටකට මෙවැනි වාහන මොකටද? පාර්ලිමේන්තුව ගාව බලාගෙන හිටියොත් ලෝකයේ මේ මොහොතේ හදලා තියෙන සුපිරිම වාහන පාර්ලිමේන්තුව පරිශ්‍රයට යනවා.
මේවා ඔක්කොම යවන්න ඕන. මේ රටට මේවා ඔරොත්තු දෙන්නේ නෑ. අපි කවුරුත් මිනිස්සු පොඩි කාලයක් ජීවත් වෙනවා. ගොවියා, ව්‍යාපාරිකයා ඇතුළු අපි ඔක්කොම එකට හිටගන්න සංස්කෘතියක් ගේන්නේ නැතිව මේ රට ගොඩ දාන්න බෑ.
අපේ ආර්ථිකය නැවත සංවිධාන ගත කරන්න ඕන. අපේ ආර්ථිකය විතරක් නෙමෙයි ජීවන රටාව නැවත සංවිධාන ගත කරන්න ඕන. දේශපාලන සංස්කෘතිය, ජිවන රටාව, ආර්ථික රටාව වෙනස් කරන්නේ නැතිව මේ ආර්ථිකයෙන් ගොඩ එන්න බෑ. අපිට එකතු වෙන්න කියනවා. අපි තුන්දෙනයි. අනිත් 222යි. ඒත් කමක් නෑ. ජනපති, අගමැති, ආණ්ඩුවත් ඉවත්වෙලා පාර්ලිමේන්තුවේ එකඟතාවයට එන්න ලෑස්තිනම් ඒ ගැන සලකා බලන්න අපි ලෑස්තියි.
ජනාධිපති තියාගෙන හදන සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවලින් පළක් නෑ. පොදු එකඟතාවයකට ඕන නම් ජනාධිපති ඉවත් වෙන්න ඕන. මහින්ද නම් ඉවත්වෙන්න යනවා කියනවා ඒක ප්‍රමාණවත් නෑ”