රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබෙන මත්ද්‍රව්‍ය යොදාගෙන දිගුකාලීනව හෝ මහා පරිමාන වශයෙන් හේ ජාවාරමක් සිදුවීමේ හැකියාවක් නොමැති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙක් හෙරොයන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වීම සම්බ්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය අංහය වෙත නඩු භාණ්ඩ ලෙස ලැබෙන පාර්සල සඳහා සුවිශේෂී ආරක්ෂක ක්‍රමවේදයන් දෙපාර්තමේන්තුවේ එවා ගබඩා කරන ගබඩා වලට සපයා ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එවැනි මත්ද්‍රව්‍ය හෝ කවරෙකුගේ හෝ නඩු භාණ්ඩයක් මාරු කිරීමට/ වෙනස් කිීමට හැකයාවක් නොමැති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගනිමින් අත්අඩංගුවට පත් සේවකයන් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨතම සේවකයන් බවත් ඔවුන් මත්ද්‍රව්‍ය අංශයට අනියුක්ත කර නොතිබුණ බවත් එම දෙපාර්තමේන්තව පවසයි. ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත පූර්ණ පරීක්ෂණක් කිරීමට විශේෂ නිලධාරීන් යොදවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.