යාල කලාප අංක 1 කොටස මාස දෙකකට වසා තැබුවද සංචාරකයන්ට කලාප අංක 2, 3 හා 4 කොටස්වලින් ඇතුළු වී වනසතුන් නැරඹීමට අවස්ථාව ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කතරගම ගල්ගේ ප්රදේශයෙන් මෙම කලාපවලට ඇතුළු විය හැකි බවත්, එම කලාප තුළදී විශාල සත්ත්වයන් ප්රමාණයක් නැරඹීමට හැකියාව තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වනසතුන්ට නිදහසේ හැසිරීමට හා යටිතල පහසුකම් දියුණු කිරීමට යාල කලාප අංක 1 කොටස සැප්තැම්බර් පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබේ.