තේ වතු කම්කරුවන් බොහෝවිට ලක්වන බඹර ප්රහරවලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරිම සඳහා හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය පියවරගෙන තිබේ.
ඒ අනුව හැටන් - දික්ඔය තේ වතුයායේ වතු කම්කරුවන් සදහා ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දීම ඊයේ (25දා) පස්වරුවේ සිදු කරන ලදී.
මෙම ඇඳුම මගින් කම්කරුවාගේ සිරුරම ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති අතර යම් අවස්ථාවක ඹබර ප්රහාරයක් සිදුවීම ආරම්භ වු බව හැගුන වහාම මුහුණ ප්රදේශය පමණක් දැල් ආවරණයෙන් වසා ගැනීමට කළ යුතුය.
උඩරට කදුකරයේ තේ වතුවල සේවය කරන කම්කරු ජනතාව බොහෝ අවස්ථාවල බඹර ප්රහාරයන්ට ලක්වීම නිසා දැඩි පිඩා විදින අතර ජිවිත අහිමිවු අවස්ථා ද වාර්තා විය.