කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) දින මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයා කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ඔහු කාත්තන්කුඩි රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා ලද අයකු වන අතර, එම රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයාගේ සිරුර තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 ජුනි මස 22 වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
තවද මෙම නාවික හමුදා පුද්ගලයා ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 786 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගිය සියලුම නාවික පුද්ගලයින් හට සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.