ඇතැම් දේශපාලන නායකයින් දේශපාලන පක්ෂ සහ ඡන්ද දායකයින් අතහැර යන සමයක ස්ථිර සහ පළපුරුදු දේශපාලන නායකත්වයක් තම පක්ෂය සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද(05) පස්වරුවේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා ශාලාවේ පැවති ජන හමුවක් අමතමිනි.
වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩවි නායකත්වයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති අතර" එය ලංකාව පුරා එජාප පාක්ෂිකයින්ට මෙන්ම මැතිවරණ අපේක්ෂකයින්ටද බරපතළ තත්ත්වයක් ඇතිකර ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
තම රජයන් යටතේ ගණන් හදමින් නිවාස ඉදි නොකළත් මහාපරිමාණ නිවාස වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කල බව සිහිපත් කල අග්‍රාමාත්‍යවරයා පසුගිය රජය සමයේ නිවාස දහයක් ඉදිකළත් එම නිවාස ඉදිකල මුදලට වඩා විවෘත කීරීමේ උත්සවයන් පිළිබඳ පෝස්ටර් සඳහා මුදල් වැයකළ බවද පෙන්වා දුන්නේය.
සංස්කෘතික අරමුදලේ මුදල් පාලම් බෝක්කු සෑදීම ඇතුළු වෙනත් කටයුතු සඳහා විශාල වශයෙන් වියදම් කොට ඇති නිසා එම අරමුදල පිහිටුවීමේ අරමුණක් වූ කුඩා විහාරස්ථාන සංවර්ධනය සහ පුරාවිද්‍යා ස්ථාන සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
ඇතැම් විහාරස්ථාන සඳහා අත්තනෝමතික ලෙස ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇති අතර" තවත් මුදල් ලබාදීමට පොරොන්දු වී ඇත.
නිවාස වැඩසටහන් යනුවෙන් පෙන්වාදී අලිමංකඩවල පවා කුඩා නිවාස ඉදිකරදී එම නිවාස හිමියන් ණයකරුවන් බවට පත්කොට ඇතැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙවන් නිසි වැඩපිළිවෙලක් නොමැති නායකත්වයන් ජනතාව දෙවරක් නොසිතා ප්‍රතික්ෂේප කිරීමට පියවර ගනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.