සියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි ලඟම තිබෙන පොලිසියට භාරදීම සඳහා මේ මස 12 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මෙම කාලය තුල සේවය අතහැර ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සේවයෙන් ඉවත්වීමට හෝ නැවත සේවයට ඇතුල්වීමටත් අවස්ථාව තිබෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රි‘ගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2019 සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ නිවාඩු නොලබා සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට පොදු සමාකාලය ක්‍රියාත්මක කරන බවද අද (05 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.