හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්තානයකට පිරිසක් අයුතු ලෙස ඇතුළු වි එහි සේවකයන්ට පොලු වලින් පහරදී තුවාල සිදුකර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා බරපතල තුවාල සිදුකර තිබේ.
තුවාලකාරිය දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකාරිය අවුරුදු 28ක් වන මාතලේ පාර මදුරාගෙන ප්‍ර දේශයේ පදිංචිකාරියකි. සම්භාහන මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනිමට පැමිණි පිරිසක් සමග ඇතිවූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මෙම පහරදීම හා ඝානනය සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.