බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 12ක් සහ දකුණ පළාත කේන්ද්‍ර කර ගනිමිනි ක්‍රියාත්මක අපරාධ කණ්ඩායම් 05ක් සම්බන්ධයෙන් තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එක් රැස් කොට ඇති බවත් එම අපරාධ කණ්ඩායම් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රකාශ කර සිටියි.
බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක අපරාධ ක්‍රියාවන් බහුලව සිදුවන ප්‍රදේශ 07ක් අනාවරණය කර ගෙන තිබෙන අතර එම ප්‍රදේශ තුල සිටින ක්‍රියාකාරී අපරාධකරුවන් මර්ධනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරු පැදි බළකාය අනියුක්ත කොට ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියි.