නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලය එක්ව මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ( 25) පෙරවරුවේ එම ව්‍යාපෘතීන් සිදුකෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
කොළොන්නාව ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 1400ක් වන අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතිය මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එහි සංවර්ධන කටයුතු යම් පමණකින් ප්‍රමාදවීමකට ලක් වී ඇත. මේ වන විට එම ව්‍යාපෘතියේ 72%ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර මෙම වර්ෂය අවසන් වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.
ඒ අනුව අඹතලේ සේදවත්ත පාලම මෙම ඇළ මාර්ගයේ වතුර බැස යාමට බාධාවක් බව හඳුනාගෙන ඇති අතර, කොලොන්නාව ඇල මාර්ගයේ ධාරිතාව කිලෝමීටර් 4ක් දක්වා දුරට පුළුල් කිරීම මෙහිදී සිදුවෙයි. වැසි ජලයෙන් සහ කැලණි ගඟේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශවලට වර්ෂාව ලැබීම නිසා කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට ඇතිවන ආපදා තත්ත්වයන් අවම කිරීම කොළොන්නාව ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ වන අතර RDC (Resource Development Cooperation) ආයතනය මෙම ව්‍යාපෘතියේ උපදේශක ආයතනය ලෙස ක්‍රියාත්මක වෙයි.