ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික සේවිකාවක පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම පරික්ෂණ සිදුකරන අතර ඒ සඳහා සහායට කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය (CCTV) පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ වන විට ස්විටසර්ලන්ත තානාපතිවරයා කැඳවා ඔහුගෙන් වැඩිදුර තොරතුරු ලාබගත් බවත් ඒ අනුව තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් ලබාදුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුයේ යැයි පවසා ඇති නමුත් එය විමර්ශකයින් නොමග යැවීම සඳහා සැකකරුවන් කළ අසත්‍ය ප්‍රකාශයක් බවත් රුවන් ගුණසේකර මහතා පවසයි.