හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.