2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම මේ වසරේ පළමු කාර්තුවේ දී සියයට 51.2 ක්ව පැවති ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 50.1 ක් දක්වා පහත වැටී ඇත. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.