දෙස් විදෙස් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඇතුලූ පාරිසරික පර්යේෂකයන්ට සහයාකයෙක් ලෙස කටයුතු කළ පරිසර හිතකාමියෙකු වූ මාටිං විජේසිංහ මහතා රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ දී ඊයේ (23දා) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු අසූ දෙවැනි වියේ පසුවිය. ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. සිංහරාජ වනාන්තරය සම්බන්ධව ඔහුට තිබු දැනුම් සම්භාරය නිසාම ‘මහාචාර්ය මාටින්’ යන අන්වර්ත නාමයෙන් ඔහු හැඳින්වීය.
කලවාන පෙතියාකන්දේ දී 1939 දෙසැම්බර් 24 දින ඉපදුනු ඔහු 1972දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් සිංහරාජ වනාන්තරය තුනීලෑලි සඳහා කපද්දී එහි කුඩව ප්‍රදේශයේ මුරකරුවෙකු ලෙස සේවයට බඳවාගනු ලැබීය. 1997දී වසර විසිපහක් සේවය කර ඔහු විශ්‍රාම ලැබීය.
සිංහරාජය ආරක්ෂා කරගැනීමේ පුරෝගාමියෙකු වු මාටිං විජේසිංහ මහතා පරිසරවේදියෙක් ද විය. සාවිත්‍රී ගුණතිලක, නිමල් ගුණතිලක, බාලසුබමනියම්, පී.බී. කරුණාරත්න, සරත් කොටගම ආදී වු විශ්ව විද්‍යාල මහචාර්යවරුන් සහ විදෙස් විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් විශාල පිරිසකට සිය පර්යේෂණවලදී සහාය දුන් පුද්ගලයෙක් ලෙස මාටිං විජේසිංහ මහතාගේ නම ඔවුන්ගේ පර්යේෂණ ග්‍රන්ථවල සඳහන්ව තිබේ.
විජේසිංහ මහතා සිංහරාජයට කළ සේවය නනිසාම සිංහරාජ වනාන්තරයේ දුර්ලභ වැල්වර්ගයක් ‘ඩයස්පෝරිස් විජේසිංහ’ ලෙස නම්කර තිබේ. මාටිං විජේසිංහ මහතා සිංහරාජ වනාන්තරය ඇතුලූ පරිසරයට කළ සේවය අගය කරමින් 1993දී ජනාධිපති ඞී.බී. විජේතුංග මහතා අතින් ‘ශ්රීලංකාතිලක’ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
සාමාන්‍ය මිනිසුන්ගේ පය නොගැටෙන සිංහරාජ මහා වනාන්තරයේ පිහිටි පතිනිගල, දෝතලූගල, සිංහගල, ගොන්ගල, හිනිපිටගල, මුලාවැල්ල වැනි ස්ථාන වලට විද්වත් පර්යේෂකයන් සමග නිතර ආගිය නිසා සිංහරාජයේ ගහකොළ පිහිටි ස්ථාන, ඒවායේ ස්වරූපයන් පිළබ`දවත්, සිංහරාජයේ කුරුල්ලන්, සර්පයින්, සිවුපාවුන් සමනළයන්, කෘමි වර්ග ඇතුලූශාඛ සහ ෂත්ත්ව පද්ධතිය සම්න්ධයෙන් මනා දැනුමක් ඔහු තුල පැවතුනි.
මේ දැනුම නිසාම ඔහු මහාචාර්ය මාටින් විජේසිංහ යැයි අන්වර්තනාමයෙන් හ`දුන්වනු ලැබීය. තවත් සමහර සිංහරාජ වනස්පති ලෙස ද හදුන්වයි.
කලවාන වැද්දාගල කුඩව ප්‍රදේශයේ ජීවත්වූ මාටිං විජේසිංහ මහතා විශ්‍රාම ලැබීමෙන් සිය නිවෙස සිංහරාජ වනානන්තරයට එන දෙස් විදෙස් සංචාරකයන් සහ පර්යේෂකයන්ට නනවාතැන් ගැනීමේ ලැගුම්හලක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
පසුගිය දිනවල අසනීප තත්වයෙන් පසුවූ මාටිං විජේසිංහ මහතා ප්‍රතිකාර ස`දහා රත්නපුර ශීක්ෂණ මහ රෝහලට ඇතුළත් කර තිබුනි.