ගංජා සමග අත්අඩංගුවට ගත් සැමියාට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරන ලෙස පවසා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිසිය තුළදී රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ලබා දුන් කාන්තාවක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල පොලීසියට පසුගිය 20 දා ලද තොරතුරක් අනුව, උපාය දූතයෙකු ලවා සැකකාරියගේ සැමියා ගංජා ජාවාරම් කරමින් සිටියදී රුපියල්
27, 000ක මුදලක් දී ගංජා ග්‍රෑම් සියයක් ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස වටලා පරික්ෂා කිරීමේදී ගංජා කිලෝ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසියේ රඳවාගෙන සිටිය දී සැකකාරිය පැමිණ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවී තම සැමියාට විරුද්ධව ජාවාරම සඳහා මහාධිකරණයේ නඩු නොපවරන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ලබාදෙන බවට පවසා තිබූ බව පොලිසිය පවසයි.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ සිතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඒ ජේ කොඩිතුවක්කු මහතා දැනුවත් කිරීමෙන් සැකකාරිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට පැමිණිලි කරන ලෙස ලබා දුන් උපදෙස් අනුව සැකකාරිය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සැකකාරිය ඇමතු ස්ථානාධිපතිවරයා තමන් එයට එකඟ බවත් මුදල් ලබා දෙන ලෙසත් පවසා ඇත.
ඒ අනුව සැකකාරිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයට පැමිණ තම සැමියාට ඇප ලබා දීමෙන් අනතුරුව ඉතිරි මුදල වන රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවත් පවසා රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල ස්ථානාධිපතිවරයා වෙත ලබා දෙද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
33 හැවිරිදි සැකකාරිය අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඒ ජේ කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ෂා වෙිල්ල මූලස්ථාන පොල් පොලිසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් ,අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව මහත්තුරු පරීක්ෂණ පවත්වයි.