කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 09ක් ඊයේ (25දා) සහ අද (26දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන් ගෙන් තිදෙනෙකු (03) කාත්තන්කුඩි රෝහල වෙතින්ද, පස් දෙනෙකු (05) ඉරණවිල රෝහල වෙතින්ද එක් (01) පුද්ගලයෙකු තෙල්දෙනිය රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
මෙම නාවික හමුදා පුද්ගලයින් 09 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 820 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.