සයිටම් වෛද්‍යවිද්‍යාලය රැක ගැනීමට පෙනී සිටින කිහිපදෙනා සිදුකරන වැඩ කටයුතුවලින් රටම අර්බුදයකට ලක්ව තිබෙන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
මෙම ගැටලුව විසඳීමට හා පන්ති වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන්ගේ හා මාලඹේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගැටලු විසඳීමට විද්වතුන් ඉදිරිපත් කළ යෝජනා රජය පිළිගෙන තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු ආචාර්ය, විශේෂඥ වෛද්‍ය මනෝජ් වීරසිංහ මහතා සඳහන් කළේය.
එහෙත් කිහිපදෙනෙකු අදාළ ගැටලුවට විසඳුම් ලබාදීම වැළැක්වීමට කටයුතු කරමින් තිබෙන බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
මේ නිසා වෛද්‍ය ශිෂ්‍යයන් වීමට සිටිනා දරුවන්ගේ බලාපොරොත්තු හා වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බලාපොරොත්තුවලට බලපෑම් එල්ලවී තිබෙන බවද කියා සිටියේය.
සයිටම් ගැටලුව විසඳා ගැනීමට වෛද්‍ය ශිෂ්‍යයන් මහපාරේ සටන් කිරීමට අමතරව රාජ්‍ය සේවකයන්ද සටනක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.