තමන්ගේ ආණ්ඩුවකින් රටේ ජාතික ආරක්ෂාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාලු මුවදොර පැවැත්වෙන ජන රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා."