විදෙස් රැකියා සඳහා පිටත්වීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් නොමිලේ හිමිවන ජීවිත රක්ෂණය රුපියල් ලක්ෂ 02 සිට ලක්ෂ 05 දක්වා වැඩිකිරීමට පියවර ගෙන ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
විෂය භාර ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ 2016 වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි. විදේශ රැකියා සඳහා පිටත්වීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයෙන් ලබාගන්නා ශ්‍රමිකයන් සඳහා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් හිමිවන බැවින් රැකියාවේ යෙදී සිටියදී සිදුවන විවිධ අනතුරු සහ ආබාධිත තත්ත්වයන්ට උපරිම වන්දි ලබාගතහැකි බව අතුකෝරාළ මහත්මිය පෙන්වා දෙයි.