බන්ධනාගාර ගත කර තිබෙන හිටපු නි.පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (04 දා) අලුයම නාඳුනන පිරිසක් බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති බව දෙහිවල පොලීසිය පවසයි.
මෙම බෝම්බය ඒ මහතාගේ නිවස අසල මිදුලෙහි වැටී තිබුණ බවත්, බෝම්බය පුපුරා නොගොස් ඇති බවත් පොලීසිය පවසයි. සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු දෙහිවල පොලීසිය විසින් මෙහෙයවනු ලබයි.