රටේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර අරමුදලේ පදයට නටමින් විශ්‍රම වැටුප අහෝසි කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.
කම්කරු ඇමතිවරයා සිටිනුයේ රටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බවත්, එහෙත් වර්තමාන කම්කරු ඇමතිවරයා කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම ගැන සතුටු වන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (05දා) දින පැවැති මාධ්‍ය සාකච්චාවකදී සඳහන් කළේය.
විශ්‍රාම වැටුප අහිමි කිරීම ඇතුළුව කම්කරු ජනතාවට අයිති වරප්‍රසාද දිගින් දිගටම කප්පාදු කරමින් සිටින් බවත්, මේ නිසා උගතුන් හා බුද්ධිමතුන් රාජ්‍ය සේවය හැරදා යන බවත්, තවත් පිරිසක් මෙරට පවා හැරයන බවත් ඔහු කියා සිටියේය.