යහපාලන ආණ්ඩුව සමයේදී දිසාපතිවරයාට හා ප්‍රාදේශීය ලේකම්වරයාට සතුව තිබූ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් එම තීරණය වෙනස් කරමින් එම ඉඩම් යළිත් දිසාපතිවරයාට පවරා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
එසේ දිසාපතිවරයා සතුව පැවැති ඉඩම් වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවට පවරා දීමට එරෙහිව පැමිණිල් රාශියක් ලැබී ඇති බවද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.