www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
මේ වන විට ඉදිකරමින් පවතින වනාතවිල්ලුව, අරුවක්කාඩු කසළ අංගණයට විරෝධය පළකරමින් දහසකට අධික පිරිසක් අද (09දා) වැඩ අංගණයට කඩාවැදී විරෝධය දැක්වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටව තිබූ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් වනාතවිල්ලුව, සේරක්කුලිය ගම්මානයේ සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවෝ අද (09දා) උදෑසන වනාතවිල්ලුව, අරුවක්කාඩු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කසළ අංගණයට ඇතුළු වී විරෝධය දැක්වූහ.
මෙරට සියලුම හානිදායක කර්මාන්ත සියල්ල මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබියදී, තවත් ඉදිකිරීම් සිදුකරන බව ඔවුහු පවසා සිටියහ.
විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේදී එහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබුණද, ජනතාව දිගින් දිගටම ඝෝෂා කරමින් විරෝධතාවේ නිරත වීම හේතුවෙන් වැඩබිමේ සේවය කරමින් සිටි චීන ජාතිකයන් සියලු දෙනා යළි නවාතැන් වෙත රැගෙන යනු දැකගත හැකිවිය.
කෙසේ වුවද විරෝධතාව අඛණ්ඩව පැවැතීම හේතුවෙන් අදාළ වැඩබිමේ සියලු සේවකයන් එම ස්ථානයෙන් ඉවත් වූ අතර, යන්ත්‍ර සූත්‍රද වැඩබිම පරිශ්‍රයෙන් ඉවත් කෙරිණි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ
popular news
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd