වගවීම සහ සංහිඳියාව පිළිබඳ මූලික ගැටලුවලට ශී‍්‍ර ලංකාව මෙතෙක් පිළිතුරු සපයා නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා තිබේ.
ඊයේ (27දා) මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත්කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ පවසා ඇත.
එම වාර්තාවට අනුව, 2013 වසර තුළ ලොව සියලු රටවල මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකාවේ විශ්ලේෂණය සහ ස්ථාවරය හෙළිදරව් කෙරෙයි. මෙවර ඇමෙරිකානු මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටු 56 ක් වෙන්කර තිබීම විශේෂත්වයක් වෙයි.
වගවීම සහ සංහිඳියාව පිළිබඳ මූලික ගැටලුවලට ශී‍්‍ර ලංකාව මෙතෙක් පිළිතුරු සපයා නොමැති බවත්, ශ්‍රී ලංකාවේ සමාජ කි‍්‍රයාකාරීන්, මාධ්‍යවේදීන් සහ ආගමික සුළු ජනකොටස් පීඩාවට ලක්වන බවත් මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබේ.
මෙම තත්ත්වය ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සහාය පළ කිරීම සඳහා හේතු වී ඇති බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වාදී තිබේ.