මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි විදේශිකයන්ට මැණික් අලෙවිකරණ සුප්‍රසිද්ධ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි තිදෙනෙකු එම ස්ථානයේ තිබූ රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් ගලක් පරීක්ෂා කරන මුවාවෙන් ව්‍යාජ නිල් වීදුරු ගලක් තබා නිල් මැණික් ගල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .
කෝටිපති ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටි පුද්ගලයකුතවත් තැරැව්කරුවන් යැයි කියාගන්නා දෙදෙනෙකු සමග පැමිණ මැණික් ගල් පරීක්ෂා කරන මුවාවෙන් එම ලක්ෂ 80 ක් වටිනා නිල් මැණික් ගලට ව්‍යාජ ගලක් යොදා නියම මැණික් ගල සොරකම් කොට එම ස්ථානයෙන් පිටව යාමෙන් පසුඑම නිල් මැණික් ගලේ බර වෙනස් වී ඇති බවට ඇති වූ සැකයක් මත එය පරික්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණික් ගලක් බවට තහවුරු වීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට තිබේ .
පොලීසිය පවසන්නේ මෙම වංචනිකයන් මීට පෙර කිසිවකු හෝ යොදවා එම මැණික් ගලේ හැඩය බලාගෙන ගොස් ඊට සමාන හැඩයට ව්‍යාජ මැණික් ගලක් කපා මෙම වංචාව සිදු කොට ඇති බවට අනාවරණය වී තිබෙන බවයි .
ආවේක්ෂණ කැමරා පද්ධති වලින් ලබා ගත් සැකකරුවන්ගේ රූප රාමු ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදු කරයි.