මෙරට ස්වභාවික රා අලෙවි නොවන බවත් මෙරට අලෙවි වෙමින් පවතින්නේ වලේ රා නැමැති අතිශයෙන් වස විස සහිත කෘතිම රා වර්ගයක් බවත් එය පානය කිරීමෙන් වකුගඩු ආබාධ, හෘදයාබාධ , පිළිකා , ඇතුළු රෝග ගණනාවක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පවසති .
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍යක් ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි වස විස සහිත මත්පැන් වර්ග අලෙවි කිරීම තුළින් රජයට අතිවිශාල මුදලක් මෙම නීති විරෝධී මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැය කිරීමට සිදුව තිබෙන බව ද එම සංගමයේ නිලධාරීහු පෙන්වා දෙති .
සුරාබදු අලෙවියෙන් රුපියල් බිලියන 170 කවාර්ෂික ආදායමක් රජය බලාපොරොත්තු වුවදඒ තුළ ඇතිදූෂණ වංචා බැහැර කොට නිසි නියාමනයක් ඇති කළහොත් රුපියල් බිලියන 300 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරින්ගේ සංගමය කියයි .
ඒ සඳහා ඔවුන් සතුව නිසි මාර්ගෝපදේශ ඇති බවද අද (24) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ධාරීන්ගේ සංගමයේ නිලධාරීන්අවධාරණය කළේය .
එහිදී ඔවුන් වැඩිදුරටත් අවධාණය කර සිටියේ රජය මත්පැන් බදු පනවනු ලබන්නේ රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා වුවත් එය නියාමනය කිරීම සඳහා රජයේ වැටුප් ලබමින් සිටින සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම රාජකාරිය හරිහැටි ඉටුකරන බවක් පෙනෙන්නට නොමැති බවයි.
ෂේන් සෙනෙවිරත්න