නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2020 ජුනි 24 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා නැමති ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් මත් ද්‍රව්‍ය තොගයේ විදී වටිනාකම රුපියල් ලක්ෂ 55 කට ආසන්න වන අතර මෙම වසර තුලදි පමනක් මෙම තොගයද ඇතුලුව කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේදයට අයත් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2911 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනිමට සමත් වි ඇත.