සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50කට ලබාදීමට හැකියාව තිබියදී ඒ සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් 30ක් වැනි මුදලක් අය කරන බවත් මීට එරෙහිව හඬ නැගූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
මන්ත්රීවරයා මේ බව සඳහන් කර සිටියේය අද දින (24) පාර්ලිමේන්තුවේ පැවති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.
"විදුලි බිලේ පිරිවැය අයකර ගැනීමට අප කවුරුවත් විරුද්ධ නැහැ. එතුමාත් විරුද්ධ නැහැ. නමුත් එතුමා විදුලි බිල වැඩි කිරීමේ අසාධාරණය පෙන්වල දීල තියෙනවා. දුප්පත් මිනිස්සුන්ගේ මුදල් අය කරලා ධනපතියන් සැනසීමට දුප්පත් මිනිස්සුන්ට ඉහළ ගාස්තු දීමේ මේ දුෂ්ට ක්රමය ඔහු අභියෝගයට ලක් කරලා තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩල ඇස්තමේන්තු අනුව 2023 වසරට විදුලි ඒකක මිලියන 4,000 ජලයෙන් විදුලිය නිපදවා ගන්නට පුළුවන්. මේ රටේ විදුලි පාරිභෝගිකයන් ගණන මිලියන 6.8යි. මිලියන 4,000 අපි 6.8න් බෙදුවහම උත්තරේ 49 යි. ඒ අනුව සෑම විදුලි පාරිභෝගිකයකුට ජල විදුලියෙන් නිපදවනු ලබන විදුලිය ඒකක 49ක් රුපියල් 3.50 ලබාදෙන්න පුළුවන්.
රුපියල් 3ක් වගේ තමයි පිරිවැය වන්නේ. නමුත් මේකට අනෙකුත් වියදම් එකතු කලහම රුපියල් 3.50 කට වගේ දෙන්නට පුළුවන්. රුපියල් 3.50 දෙන්න පුළුවන් ඒකකය අද දෙන්නෙ රුපියල් 30 කට. ඒ ඇයි ? සාප්පු සංකීරණ වලට සුපිරි මහල් නිවාස වලට රජයේ කාර්යාල වලට දැවැන්ත අඩු මිලකට විදුලිය සපයනවා.
ලෝකයේ අනිකුත් රටවල සමාජ සාධාරණත්වය කියලා සිදු කරන්නේ දැරිය හැකි පුද්ගලයා ගෙන් අරගෙන පහල සමාජ ක්ෂේත්ර වලට සහන ලබා දීම. ඒකක 30ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 13ක් ඉන්න රටක් මේක. ඒ අයට වැඩි මිලක් දාලා. 3.50ට දෙන්න පුළුවන් ඒකකයට රුපියල් 30ක්, රුපියල් 50ක්, රුපියල් 70ක්, අය කරලා ධනපතියන්ට සහන සැලසීමේ ක්රියාවලියට එරෙහිවයි මේ සභාපතිවරයා කතා කළේ."