නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමත් සියල්ලන් ඇතුළත් කර කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ පළමු පියවර බවද ඇය පවසයි.
IMF සමග අර්ථවත් ප්‍රගතියක් අත්කර ගැනීමට හා සියලුම ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලන දිගු කාලීන විසඳුම් සඳහා ඇමෙරිකාව ලංකාව දිරිමත් කරන බවත් ඇය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.