රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද ( 01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි දමිළ මාධ්‍යවේදින් හමු වූ අවස්ථාවකදීය.
උතුරු -නැගෙනහිර පළාත්වල 1977 වසරෙන් පසුව, 2005-2010 තම රජය පැවති සමයේදි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලැස්මකින් යුතුව සිය ආණ්ඩුව කටයුතු කළ බවද සඳහන් කළේය. තම රජය සමයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති හැරුණුකොට පසුගිය යහපාලන රජය උතුරු-නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවත් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන දෙමළ ජාතික සන්ධානය පවා එම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවට දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් පමණක් කටයුතු කළ බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
එම ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් වන පානීය ජල ගැටළුව විසඳිම සඳහා තම රජය ප්‍රමුඛතාවය ලබාදෙන බවද සදහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.