අතුරලියේ රතන හිමි කරන්නේ ඩයස්පෝරාවට ඕනෑ දේයි - ආචාර්ය ගුණදාස අමරසේකර
ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධයි - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් ඇතුළු රටට හතුරු පිරිස් සමග එකතුව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකර ඔහු ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුව ඊයේ (16දා) සඳහන් කළේය.
තමා බලයට පත්වුවහොත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට දෙමළ ඩයස්පෝරාවට පොරොන්දු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානය සමග රහස් ගිවිසුමක් අත්සන් කර ඇතැයිද, රටට එරෙහි බලවේගයේ ප්‍රධාන නායකයා වශයෙන් විපක්ෂනායකවරයා පෙනී සිටින බවද එම සංවිධානය කියා සිටියි.
කොළඹ සව්සිරිපායේ ඊයේ (16දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික සංවිධානවල නියෝජතයන් අවධාරණය කර සිටියේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලකම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
එම සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ යුද්ධය අවසන් වූ පසු රට තුළ බෙදුම්වාදය පරාජය කිරීමට අපොහොසත් වීම නිසා බෙදුම්වාදී බලවේගවලට රිසි සේ කටයුතු කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි.
මේ මොහොතේදී අහිතකර කොන්දේසි ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට අභියෝග කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිස සිදුකරමින් සිටින්නේද ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් බවද ඔහු සඳහන් කළේය.