රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි.
ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි.
සංචාරක බස්රථ රියදුරන් සමග අද (25) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ,
ඉතිහාසය පළමු වතාවටයි සංචාරක ක්ෂේත්රයට රජයකින් මෙපමණ සහන ලැබුණේ. පාස්කු ප්‍රහාරයෙන් වගේම කොවිඩ් 19 නිසා බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වත්මන් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. සංචාරක කර්මාන්තය නංවාලීමට මුලින්ම සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන් රැකගත යුතුයි. ඒ සදහායි අපි මේ සහන පැකේජය හඳුන්වා දුන්නේ. මේ සහන පැකේජයෙන් ආවරණය නොවන සංචාරක ක්ෂේත්රයේ කිසිවෙකු ඉන්නවානම් ඒ අයටත් ඉදිරියෙදි අවශ්‍ය සහන ලබාදීමට අපි කටයුතු කරනවා.
අපේ රට කොවිඩ් වලින් නිදහස් වුණු රටක් කියන එක තමයි සංචාරක ව්‍යාපාරය නංවාලීමේ දී අප ඉස්මතු කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඇත්තටම අපේ රට දැන් කොව්ඩ් ෆ්‍රී රටක්. අපිට යුරෝපා සංගමයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාරයක් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ මුදල අපි යොදවන්නේ සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනිම සදහා යි. ඊට අදාළව යෝජනා අප දැන් යුරෝපා සංගමයට ඉදිරිපත් කර තිබෙනවා.
සංචාරක කර්මාන්තය දියුණු කරනවා වගේ ම එහි ඇතැම් ක්ෂේත්‍ර කිසියම් නියාමනයකට ලක් කළ යුතුයි. ඒ වගේ ම එහි ඇතැම් ක්ෂේත්රවල ප්‍රමිතිය ඉහළ දැමිය යුතුයි. ඉහළ විදේශ විනිමයක් ලබන්නනම් අපේ සංචාරක ව්‍යාපාරය මීට වඩා ඉහළ මට්ටමකට ආ යුතු බව රජය විශ්වාස කරනවා. ඒ අනුව තමයි ඉදිරි සැලසුම් හා ඉලක්ක සකස් කර තිබෙන්නේ.