"මේ ඡන්දෙදී රාජපක්ෂවරුන්ට විරුද්ධව තනියෙන් හරි සටන් කරනවා .පාර්ලිමේන්තුවටත් ගිහින් හිටගන්නේ රාජපක්ෂවරුන්ට විරුද්ධවයි.මේ ඡන්දෙන් රාජපක්ෂවරුන්ට ආණ්ඩුවක් පිහිටුවන්න හම්බවෙන්නේ නැහැ. ආණ්ඩුව පිහිටුවන්නේ සජිත් ප්‍රේමදාස" යයි ගාලු දිසාවට ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් මෙවර තරග වදින එම පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා අද (1දා) දහවල් අම්බලන්ගොඩ පැවති ජන හමුවක් අමතා කීවේය.
එහිදි තව දුරටත් කතා කල ගුණවර්ධන මහතා මෙසේ ද කීවේය .
"ජනාධිපතිවරණයේදි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන්නේ චන්දයක් නෙමෙයි. තමන්ගේ හදවතේ තිබූ මනාපයයි. හදවතේ තිබූ ප්‍රිය මනාපයයි. ජනතාවගේ හදවතේ තිබූ දැඩි කැමැත්තයි. ජනතාවගේ ඒ ප්‍රිය මනාපයට ගෝඨාභය රාජපක්ෂ මහතා වටිනා කමක් දුන්නේ නැහැ. එතුමාට ප්‍රිය කැමැත්ත දුන්නු හැට නව ලක්ෂයේම ජනතාව අද දුක් විදිනවා. හැට නව ලක්ෂයේ ජනතාව විතරක් නෙමෙයි අද සමස්ථ ජනතාවම දුක් විදිනවා.
බලන්න අද බඩු මිලට මොකද වෙලා තියෙන්නේ.බඩු මිල අහස උසට නැගලා .පරිප්පු කීයද, සීනි කීයද හැම බඩුවක්ම මිල ඉහල ගිහිල්ලා.ගෝඨාභය රාජපක්ෂ මහතාට චන්දය දුන්නු ජනතාව අද ඉන්නේ කළකිරිලා.