සමස්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා මෙන්ම ගාලු දිස්ත්‍රික්කයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (02) පෙරවරුවේ බද්දේගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත හමුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
අපිට මේ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් රටේ මෙවැනි තත්ත්වයක් ඇති කළ අයගෙන් රට බේරා ගන්නත්, ව්‍යවස්ථාව වෙනස් කරන්නත් තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙනවා.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කළ හැකි පිරිසක් අවශ්‍යයි. වේගයෙන් සංවර්ධනය වුණු රට ඇද වැටුණේ පසුගිය යහපාලන රජයේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා දෙපාර්ශවයක් නියෝජනය කිරීම නිසයි. එහෙම වුනාම අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ ජනාධිපතිවරයා කියන දේ අගමැතිවරයා කරන්නේ නැහැ. මේකෙන් බැට කන්නේ රටේ ජනතාව. එහි ප්‍රතිඵලයක් විදියට තමයි බෝක්කුවක් වත් හදාගන්න බැරි වුනේ.
ඇත්තෙන්ම වෙන්න ඕනේ වැඩ කරන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටීමයි. අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන්නේ රට ගැන ප්‍රදේශය ගැන වගේම ලෝකය ගැන පවා දැනුම තියෙන පිරිසක්. ඒ අය එදිනෙදා ගම රට ලෝකය වෙනස් වීම ගැන දැනුවත් දක්ෂයින්.
උතුරේ ඡන්ද නැතුව ජනාධිපතිවරයෙකුට පත්වෙන්න බැහැ කියන මතය බිඳ හෙලන්න හැකි වුණේ ඔබේ ඡන්දය නිසයි. අද කාටවත් ඇවිල්ලා අරක නෑ මේක ඕනේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
මම දමිළ මාධ්‍ය කතුවරුන් හමුවුණා. මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළා පහුගිය ආණ්ඩුව උතුරට මොනවද කළේ කියලා. ඔවුන්ගේ පිළිතුර වුණේ ඔබතුමාගේ ආණ්ඩුව කාලයේ විතරයි උතුරට දෙයක් වුණේ කියන එකයි.
මෙම අවස්ථාවට බද්දේගම සමිත හිමි සහ, අමාත්‍ය රමේෂ් පතිරණ, මොහාන් පී සිල්වා, ඉසුරු දොඩංගොඩ , සම්පත් අතුකෝරළ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.