ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය පොදු දේශපාලන පෙරමුණක් ගොඩනගා ගැනීමේ අරමුෙණන් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත.
මෙකී හමුව මෙම සතිය ඇතුළත පවත්වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙහිදී එම දෙපාර්ශ්වයට එකට වැඩකිරීමේ හැකියාව පිළිබඳව කරුණු සොයාබැලීමට අදහස් කරන බව ඔහු සඳහන් කළේය.
මීට ඉහතදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද මුස්ලිම් හා අනෙකුත් දෙමළ පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස දෙමළ සන්ධානයෙන් ඉල්ලා සිටියේය. මෙම තීරණය ගැනීමට එම ඉල්ලීමත් සාධකයක් වූ බවද හෙතෙම පැවසීය.
මීට අමතරව වතුකරයේ පිහිටි දෙමළ පක්ෂ සමගද සාකච්ඡා ආරම්භ කරන බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.