ජනපතිට තුන්බිය ඇතිවී ඇති බවට මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන්නේය. මේ ඔහුගේ පිළිතුරයි.
“මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කිව්වා ජනාධිපතිට තුන්බිය ඇතිවෙලා කියලා. මම කියනවා පුද්ගලයෙක්ට තුන්බිය ඇති වෙන්න බෑ. තුන්බිය ඇතිවුණේ විශාලා මහනුවර. ඒක ජනතාවට ඇතිවුණ එකක්. රෝග බිය, අමනුෂ්‍ය බිය. මරණ බිය. ඒක ජන සමූහයකට ඇතිවෙන දෙයක්.
එතුමා රතන සූත්‍රයට ඇහුම්කන්න දෙන්න කියලා කියනවා. කිසිවිටක පුද්ගලයෙක්ට තුන් බිය ඇතිවෙන්නේ නෑ. මරික්කාර් බිය තිබුණත්, හිරුණිකා බිය තිබුණත්, රෝසි බිය තිබුණත් ඒක තුන්බිය නෙමෙයි.”