ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 80 වන රැස්වීම අද (24) පස්වරුවේ එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවත්විණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද මෙම රැස්වීමට සහභාගී වූහ.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි නිහාල් ෆොන්සේකා මහතා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා තිබූ ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ සමන්ත කුමාරසිංහ මහතාගේ නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාකච්ඡා කර ඒකමතිකව සම්මත කරන ලදී.