නිකවැරටිය පොලිස් ස්ථානයට වාර්තා වී ඇති පහර දී බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතා සහාය ඉල්ලයි.
මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවෙකුගේ රුවට සමාන ඡායාරූපයක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඒ පිළිබඳව තොරතුරක් දන්නේ නම්
නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය - 037-2260277
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - 071-8591274
සහකාර පොලිස් අධිකාරී - 071-8591276 යන අංක අමතන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.