අපවත් වී වදාළ කෝට්ටේ කල්‍යාණී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (07දා) සවස කොළඹ නිදහස් චතුරස්‍රය අබියසදී සිදුකිරීමට නියමිතය.
කොල්ලුපිටිය වාළුකාරාමයේ වැඩ සිටියදී අපවත් වී වදාළ උන්වහන්සේ අපවත් වනවිට 95 වැනි වියේ පසුවූහ.
බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේ පරිවේණාධිපති ධුරය හොබවමින් මෙරට බෞද්ධ ශාසනයට විශිෂ්ට මෙහෙවරක් සිදුකළ උන්වහන්සේ, ලන්ඩනයේ තේමිය භාවනා මධ්‍යස්ථානය මුල් කරගනිමින් ලෝක ධර්ම ධූත සේවාවේද නිරත වූහ.
උන්වහන්සේගේ දේහයට ජනපති මහින්ද රාජපක්ෂ මහතාද අද (06දා) අවසන් ගෞරව දැක්වීය.