බලයට කෑදර පිරිස් තම දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබුවහොත් අවසානයේදී එයට වන්දි ගෙවීමට සිදුවන්නේ මහජනතාවට බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. තම පාලන කාලය හා සාපෙක්ෂව ගත්විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල අඩුවෙන් පවතින නමුත් ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට දිගට හරහට ලබා දුන් සහන වලට මුදල් සොයාගැනීමට සිදු වීම නිසා බවත් එම නිවේදනයේ දැක්වෙයි.
“බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට ඡන්ද ජය ගැනීම සඳහා ඕනෑම සහනයක් දීමට හැකියාව ඇත. නමුත් පියවි සිහිය තිබෙන ආණ්ඩු මේ සම්බන්ධයෙන් ප්රවේසම් වන්නේ දිනුවාට පසු ඒ පොරොන්දු ඉටු කිරීමට මුදල් සොයා ගැනීමට අසීරු නිසාය.
වත්මන් ආණ්ඩුව සිතුවේ ඡන්දය ජයගැනීම ගැනපමණක් මිස, ඊට පසුව සිදුවන්නේ කුමක්ද යන්න ගැන නොවේ. ඡන්ද ජය ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපයට තැබූ පසු ඒ වැඩි වූ වියදම් පියවා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ කිසිදාක නොවූ විරූආකාරයට ණය ගැනීමට පටන් ගත්තේය.
2015 ජනවාරියේ සිට අද දක්වා ආණ්ඩුව විදෙස් විනිමය වානිජ ණය පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 19.5 ක් හාදේශීයණය රුපියල්ට්රිලියන 6කට වැඩා ලබාගෙන ඇත.” යැයි එම නිවේදනයේ දැක්වෙයි.