අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය හා හැටින් අතුර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට නවතා ඇති කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව අද රාත්රී 8.30ට කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය දුම්රිය හා පස්වරු 6.00ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් අවලංගු කර තිබේ.
එසේම හෙට (05දා) පෙරවරු 5.55, 8.30, 9.45 කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය විමට නියමිත දුම්රියන් හා බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය විමට නියමිත පෙරවරු 5.45, 8.30, 10.15 යන දුම්රියන් අවලංගු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.