ශ්රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ජා-ඇල නගර සභාවේ නගරාධිපති ශම්මික ඩයස් මහතා විසින් අද (27 දා) ඉදිරිපත් කරනු ලැබු 2022 වර්ෂය සදහා වන අයවැය ඇස්තමේන්තුව පරාජයට පත් විය.
පළාත්ත් පාලන කොමසාරිස්වරයාගේ විශේෂ නියෝගය මත මෙම විශේෂ සභාව නගරාධිපතිවරයා විසින් කැඳවා තිබිණි. නගරාධිපති ශම්මික ඩයස් මහතා ඉදිරිපත් කළ අය- වැය කෙටුම්පතට ජවිපෙ මන්ත්රී ඇන්ටන් ප්රියශාන්ත මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටියේය.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව චන්ද 5ක්ද, විපක්ෂව චන්ද 10ක්ද ලැබුණි. ස්වාධීන මන්ත්රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මන්ත්රීවරියක් හා මන්ත්රිවරයකු සභාවට පැමිණ සිටියේ නැත.
මෙහිදී අයවැය ට විරුද්ධව ශ්රීලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන් 05ක්, එපාප මන්ත්රීවරුන් 03ක, ජවිපෙ මන්ත්රීවරුන් 02ක් ඡන්දය ප්රකාශ කළහ. අයවැයට විරුද්ධව උප නගරාධිපති රුවින්ද අබේරත්න (එජාප) මහතාද ඡන්දය ප්රකාශ කිරීම විශේෂත්වයක් විය. අයවැය ට පක්ෂව නගරාධිපති වරයා සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් 03ක් හා ශ්රීලනිප මන්ත්රීවරයා චන්දය ප්රකාශ කළහ.
ජා ඇල ප්රසංග පෙරේරා